දෙවන පාසල්වාරය අදින් ඇරඹෙයි

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

මුස්ලිම් පාසල්වල පළමු පාසල්වාරයේ සිව්වන අදියර ද අදින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 10 වනදායින් අවසන් වූ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අප්‍රේල් 19 වනදා දක්වා නිවාඩු ලබා දී තිබුණි.

ඒ අනුව අදින් ආරම්භ වන දෙවන පාසල් වාරය ජුලි 24 සිකුරාදා තෙක් ක්‍රියාත්මක වේ.

කාලීන පුවත්