මැදපෙරදිග යුද්ධය ආරම්භ වී මේ දක්වා යුද කලාපය හරහා බොර තෙල් නැව් මෙරටට පැමිණීම නතරකර තිබූ කාලසීමාව අවසන් කරමින් පළමු බොර තෙල් නැව අද (17) කොළඹට ළඟා වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව වැඩි වශයෙන් බොර තෙල් මිලදී ගන්නා රට වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත්වූ මෙම නැවෙහි බොරතෙල් මෙට්‍රික් ටොන් 97,500ක් ගෙනැවිත් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දැනට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබන ජූනි මැද දක්වා ප්‍රමාණවත් ආකාරයට සපුරාගෙන ඇතැයි කළමනාකාර අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.
මෙම තෙල් නැවට අමතරව අමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව මිලදී ගත් තෙල් නැව මැයි මස මුලදී මෙරටට පැමිණෙනු ඇතැයි ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කරයි.