මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අතරතුර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (11) ප.ව. 7.00 සිට හෙට (12) පෙ.ව 7.00 දක්වා පැය 12.00ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දී තිබේ.

එම නිසා පහතින් දක්වා ඇති ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටු වීමට සිදුවන බවයි ඔවුන් දැනුම් දී ඇත.

ජල සැපයුම අත්හිටු වීම බලපාන ප්‍රදේශ:

ඇල්දෙණි,ගෝනහේන, වෑබඩ, සූරිය පාළුව, උඩුපිළ යන මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම්

පරකන්දෙණිය, කොස්සින්න, ඇබරළුව, ඉඹුල්ගොඩ හා යාගොඩ යන ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාමසේවා වසම්

මෙම ජල සැපයුම අත්හිටු වීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පල කර සිටියි.

ඔබට වැඩිදුර විමසීම් සදහා පහත අංකය අමතන ලෙසයි දැනුම්දී තිබේ.

විමසීම් : 1939

කාලීන පුවත්