රජයේ නිලධාරීන්ට ඩිජිටල් තාක්ෂණය ගැන මාර්ගෝපදේශ

තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දී තිබේ. මෙලෙස ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදුකිරීමට අනුමත ක්‍රමවේද කිහිපයකි. මෙම කටයුතුවල දී සේවාලාභී පණිවුඩ යෙදුම් හරහා කිසි විටෙකත් සංවේදී රජයේ දත්ත නොයවන ලෙස උපදෙස් දී තිබේ.

විශේෂයෙන් රාජකාරිවලට අදාළ තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිරිමත් කෙරෙන බවත් එම මාර්ගෝපදේශයන්හි සඳහන් වෙයි.

මහාපරිමාණ සහ ඉතා සංවේදී කටයුතු වෙනුවෙන් වන රජයේ රැස්වීම් සඳහා http://meet.gov.lk යන ඩිජිටල් වේදිකාව නිරේදේශ කර තිබෙන බවත් ආරක්ෂිතව සහ කාලසීමාවන් නොමැතිව රැස්වීම් පැවැත්වීම සඳහා මෙම ඩිජිටල් වේදිකාව යොදා ගත හැකි බවත් එහි සඳහන්ව තිබේ.

රජයේ නිලධාරීන්ට හා කාර්ය මණ්ඩලවලට GovTech Sri Lankaහි උපකාරක සේවාව අමතා මෙම ඩිජිටල් වේදිකාවට ප්‍රවේශ වීමට තම ආයතනය හෝ අංශය සඳහා පිවිසුමක් ලබාගැනීමට හැකියාව පවතින අතර උපකාරක සේවා අංකය 0112 497900 වේ. මීට අමතරව දුරස්ථ කාර්යයන් සඳහා ඉලෙක්ට්‍රොනික ලේඛන සහ අත්සන් භාවිතයට අදාළ මාර්ගෝපදේශ ද මීට අයත් වේ.

කාලීන පුවත්