ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ක්‍රියාත්මක වෙමු යන්නයි.පරිසර දින ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (05) අරලියගහ මන්ධිරයේදි පැවැත්වේ.

මිහිමත ජීවයේ තිර පැවැත්ම තහවුරු වන්නේ අප අවට ඇති පරිසරයේ ආරක්ෂාව මතයි.අමිල වටිනාකමකින් යුත් එම පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීම සඳහා 1973 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය අද දිනය ලෝක පරිසර දිනය ලෙස නම් කරනලදි.මානව ක්‍රියාකාරකම් හා අවිධිමත් සංවර්ධනය හේතුවෙන් පරිසර පද්ධතියට සිදුව ඇති බලපෑම අති මහත්.

මේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, ග්ලැසියර දියවීම, සාගර ජල මට්ටම ඉහළ යාම හා ලැව් ගිනි ඇතිවිම වැනි බරපතල ප්‍රතිවිපාක රැසකට ලොව විවිධ කලාප මුහුණ දෙමින් සිටී.නිවර්තන කලාපීය දූපතක් වන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියකින් සමන්විත රටක්.පරිසර සංරක්ෂණය සඳහා ලෝක පරිසර දිනයට සමගාමීව මෙවර පරිසර සතියක් ක්‍රියාත්මක වන්නේද ඒ අනුවයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, පරිසරයට දිනයට සමගාමීව අද දිනයේ වන්නන්ර 05 ක් රක්ෂිත බවට පත් කරන බවයි.

කාලීන පුවත්