යෝජිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.අද (03) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහනාහිමි මුණගැසීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ සංගමයේ සභාපතිවරයා, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා රජයට කිසිදු සදාචාරාත්මක පදනමක් නොමැති බව අවධාරණය කළේය.මෙම යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට නීතීඥ ප්‍රජාව තුළ දැඩි විරෝධයක් මතුව තිබේ.
රජය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට අදහස් කරන බවට වාර්තා පළවීමත් සමඟ මෙම ආන්දෝලනය හටගෙන ඇත.
වත්මන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දක්වා ඇත්තේ, අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළ දින සිට පිළිවෙලින් අවුරුදු 63 සහ 65 ලෙස ස්ථාවරව පැවති බවයි.එම විශ්‍රාම වයස “අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු අතර එවැනි වෙනසක් අවශ්‍ය හෝ යෝග්‍ය නොවේ” යන්න නීතීඥ සංගමයේ ස්ථාවරය බව එම ලිපියේ සඳහන් වේ.මෙම විශ්‍රාම වයස ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාවෙන් තීරණය කර ඇති බැවින්, ඕනෑම වෙනසක් සඳහා ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් අවශ්‍ය වන අතර, වත්මන් විනිසුරුවරුන්ට එය අදාළ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ලෙස නීතීඥ සංගම් පෙන්වා දෙයි.ඉකුත් මැයි 25 වන දින නීතීඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට යොමු කළ ලිපිය අත්සන් තබා ඇත්තේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් විසිනි.මල්වතු මහනාහිමි හමුවේදී, මෙම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වය, ව්‍යවස්ථානුකූල මූලධර්ම සහ මහජන විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් බවත්, පුළුල් මහජන හා පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවකින් තොරව ඉදිරියට නොයා යුතු බවත් සභාපතිවරයා අවධාරණය කර ඇත.ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ ලිපිය පිළිබඳව ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් නිකුත් වී නොමැත.