සමාජ මාධ්‍ය සුළි කුණාටු මැද ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය


පසුගිය ජූනි 11 වනදා ඇමරිකාවේ මෙක්සිකෝ සිටි නුවර ඓතිහාසික ඇස්ටෙකා (Azteca) ක්‍රීඩාංගණයේදී ඇරඹුණු 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක මොහොතේ සිටම, එය ක්‍රීඩා පිටියෙන් ඔබ්බට විහිද ගිය ගෝලීය වශයෙන් විශාල සමාජ මාධ්‍ය කුණාටුවක් බවට පත් වීමට සමත් ව තිබේ. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන උතුරු ඇමරිකානු රටවල් තුනක ඒකාබද්ධ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම දැවැන්ත පාපන්දු සැණකෙළිය පාපන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නේ, එය ලෝක කුසලාන ඉතිහාසයේ විශාලතම තරගාවලිය වන බැවිනි. කෙසේ වෙතත්, මෙවර ආරම්භක දිනයේදී ක්‍රීඩාවේ ජීව ගුණයට වඩා ගෝලීය වශයෙන් කතාබහට ලක් වූයේ සමාරම්භක වේදිකාවේ අර්බුද, ආන්දෝලනාත්මක විනිසුරු තීරණ සහ විකාශන ක්ෂේත්‍රයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් ය. ඒ අනුව ක්‍රීඩා ලෝලීන් නොවන විශාල පිරිසකගේ අවධානය ද ඒ වෙත යොමු වී තිබේ.

පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙවර පාපන්දු තරගාවලිය කණ්ඩායම් 48ක සහභාගිත්වයෙන් පැවැත්වෙන්නේ සමස්ත ආකෘතියම වෙනස් කරමිනි. 1998 වසරේ සිට 2022 කටාර් ලෝක කුසලානය දක්වා කණ්ඩායම් 32ක් කාණ්ඩ 8ක් යටතේ තරග කළද, මෙවර නව කණ්ඩායම් 16කට අවස්ථාව හිමි කර දෙමින් කාණ්ඩ 12කට කණ්ඩායම් 4 බැගින් තරග වදින නව ආකෘතියක් හඳුන්වා දී ඇත. මේ හේතුවෙන් සමස්ත තරග සංඛ්‍යාව 64 සිට 104 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබේ. 2022 වසරේදී එක් සත්කාරක රටක්, ක්‍රීඩාංගණ 8ක් සහ දින 29ක කාලසීමාවකට සීමා වූ ලෝක පාපන්දු කුසලානය, මෙවර සත්කාරක රටවල් 3ක්, විවිධ නගර පුරා විහිදුණු ක්‍රීඩාංගණ 16ක් සහ දින 39ක දීර්ඝ කාලසීමාවක් දක්වා ව්‍යාප්ත වී ඇත. මෙම ව්‍යාප්තියේ සුබවාදී ප්‍රතිඵලයක් ලෙස උස්බෙකිස්තානය, ජෝර්දානය සහ කියුරසාඕ වැනි රටවල් කිහිපයක්ම තමන්ගේ ප්‍රථම ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට සමත් ව සිටියි. මෙම දීර්ඝතම පාපන්දු සටන නිමාවීමට නියමිතව ඇත්තේ 2026 ජූලි 19 වනදා නිව් ජර්සි හි පිහිටි සුප්‍රකට මෙට්ලයිෆ් (MetLife) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයෙනි.

මෙක්සිකෝ සිටි හි ඓතිහාසික ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උළෙල, 1970 සහ 1986 වසරවලට පසු තෙවැනි වරටත් ලෝක කුසලාන සමාරම්භයකට සත්කාරකත්වය සපයමින් ලෝක ඉතිහාසයට එක් වුවද, රසිකයන්ගෙන් එල්ල වූයේ ප්‍රශංසාවට වඩා දැඩි විවේචනයකි. විශේෂයෙන්ම තරගාවලියේ නිල ගීතයෙහි, “Waka Waka” වැනි පෙර ගීතවල තිබූ ජවය මෙවර නොතිබූ බවට චෝදනා නැඟුණු අතර, වේදිකාවට පැමිණි සුපිරි ගායිකා ශකීරා (Shakira) ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි විශාල අව් කන්නාඩියක් පැළඳ සිටීම හේතුවෙන් ඇය සැබෑ ශකීරා නොව “හොර ශකීරා” කෙනෙකු (Look-alike) බවට X (ට්විටර්) මාධ්‍යයේ සැක සහිත මත පළ විය.

මෙක්සිකෝ සිටි හි ඓතිහාසික ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උළෙල, 1970 සහ 1986 වසරවලට පසු තෙවැනි වරටත් ලෝක කුසලාන සමාරම්භයකට සත්කාරකත්වය සපයමින් ලෝක ඉතිහාසයට එක් වුවද, රසිකයන්ගෙන් එල්ල වූයේ ප්‍රශංසාවට වඩා දැඩි විවේචනයකි. විශේෂයෙන්ම තරගාවලියේ නිල ගීතයෙහි, “Waka Waka” වැනි පෙර ගීතවල තිබූ ජවය මෙවර නොතිබූ බවට චෝදනා නැඟුණු අතර, වේදිකාවට පැමිණි සුපිරි ගායිකා ශකීරා (Shakira) ඇගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි විශාල අව් කන්නාඩියක් පැළඳ සිටීම හේතුවෙන් ඇය සැබෑ ශකීරා නොව “හොර ශකීරා” කෙනෙකු (Look-alike) බවට X (ට්විටර්) මාධ්‍යයේ සැක සහිත මත පළ විය. මීට අමතරව ඇය සජීවීව ගායනය නොකර පටිගත කරන ලද හඬකට තොල් සෙලවූ බවටද (Lip-syncing) ප්‍රේක්ෂකයෝ චෝදනා කළහ. මෙය ලොව මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. මෙම කලකිරීම තවත් තීව්‍ර කරමින් ඇමරිකාවේ ප්‍රධාන විකාශන අයිතිය හිමි ‘ෆොක්ස්’ (Fox) නාලිකාව සමාරම්භක උළෙල සජීවීව විකාශය නොකර සෘජුවම තරගය වෙත යොමු වීම නිසා කෝපයට පත් රසිකයන් එය “ලෝක කුසලාන ඉතිහාසයේ නරකම විකාශනය” ලෙස හැඳින්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස “Where is the opening ceremony” යන සෙවුම එදින රාත්‍රියේ ගූගල් ට්‍රෙන්ඩ්ස් (Google Trends) හි ඉහළටම පැමිණ තිබිණි.

මෙම තත්ත්වය තුළ අපට පෙනී යන වැදගත්ම කරුණ වන්නේ, සමාජ මාධ්‍ය තුළින් වර්තමාන සමාජයට කෙතරම් බලපෑමක් කළ හැකිද යන්නයි. ඇතැම් කරුණු අසත්‍ය වුවද, එමඟින් නිර්මාණය වූ ආන්දෝලනාත්මක ස්වභාවය නිසා පාපන්දු ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් නොදක්වන්නන් පවා මෙවර ලෝක කුසලානය දෙස අවධානය යොමු කර තිබේ. ඒ නිසාම පාපන්දු තරග නැරඹීම සඳහා පෙර නොවූ විරූ නව ප්‍රේක්ෂක පිරිසක් යොමු වී සිටීම ද විශේෂත්වයකි.

සමාරම්භක උත්සවයේ නොසන්සුන්තාව එලෙසම ක්‍රීඩා පිටිය මැදට ද සංක්‍රමණය වූයේ පාපන්දු තරගයකදී ක්‍රීඩකයෙකු හට පැනවිය හැකි උපරිම දඬුවම වන රතු කාඩ්පත් (Red Card) වාර්තාගත ප්‍රමාණයක් නිකුත් කරමිනි. එය ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස විනිසුරු වෙතින් ලබා දෙන විධානයකි. මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ආරම්භක තරගයෙන් මෙක්සිකෝව 2-0ක් ලෙස ජයග්‍රහණය කළද, තරගය පුරා දිව ගියේ දැඩි උණුසුම්කාරී ස්වභාවයකි. ලෝක කුසලාන සමාරම්භක තරගයක ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු කාඩ්පත් 3ක් නිකුත් වූ අතර, ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ මෙක්සිකෝ ක්‍රීඩකයෙකුට පිටියෙන් ඉවත් වීමට සිදු විය. VAR (Video Assistant Referee) තාක්ෂණය ඔස්සේ ලබා දුන් මෙම තීරණ දැඩි ලෙස විවේචනයට ලක් වූ අතර, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයන්හි මිලියන ගණනින් උපහාසාත්මක මීම්ස් (Memes) හුවමාරු වෙමින් “Referee needs a red card” යන හැෂ්ටැගය පැය කිහිපයක් ඇතුළත ගෝලීයව ප්‍රමුඛතම මාතෘකාවක් බවට පත් විය. මේ අතරතුර ක්‍රීඩාංගණයෙන් පිටත පිහිටි නිල රසික කලාප (Fan Zones) තුළ තරගය නැරඹීමට පැමිණි අධික ජනකාය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ආරක්ෂක අංශ සහ රසිකයන් අතර ඇති වූ ගැටලුකාරී කෙටි වීඩියෝ පට ෆේස්බුක් සහ ටික්ටොක් වෙත මුදා හැරීමත් සමඟ තරගාවලියේ ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයන් මතු විය.

මෙම සිදුවීම්වල සත්‍යතාව කෙසේ වුවත්, ඒවායේ ඇති “ආන්දෝලනාත්මක ස්වභාවය” නිසාම පාපන්දු ක්‍රීඩාව පිළිබඳව මෙතෙක් උනන්දුවක් නොදැක්වූ විශාල පිරිසකගේ අවධානය පවා මෙවර ලෝක කුසලානය වෙත යොමු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර නොවූ විරූ ප්‍රේක්ෂක පිරිසක් පාපන්දු තරග නැරඹීම සඳහා යොමු වීම සුවිශේෂී තත්ත්වයකි.

නව කණ්ඩායම් 48ක ආකෘතිය හේතුවෙන් කුඩා රටවලට තමන්ගේ දක්ෂතා ලොවට පෙන්වීමට ලැබී ඇති අවස්ථාව, සත්කාරක කැනඩාවේ සහ ඇමරිකාවේ ඉදිරි තරග මෙන්ම, සමකාලීන පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයන් වන ලියොනෙල් මෙසී (Lionel Messi) සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) ගේ අවසන් ලෝක කුසලාන නියෝජනය වීමට ඇති ඉඩකඩ නිසා රසිකයෝ මහත් උනන්දුවකින් බලා සිටිති. අවසාන වශයෙන්, 2026 ලෝක කුසලානයේ ආරම්භය ක්‍රීඩාවට වඩා වාණිජ සංදර්ශනය, තාක්ෂණය සහ විකාශන ගැටලු මත තීරණය වුවද, පාපන්දුවේ සැබෑ සුන්දරත්වය විනිශ්චය වන්නේ ඉදිරියේදී වාර්තා වන විශිෂ්ට ගෝල, ක්‍රීඩකයන්ගේ අසමසම දක්ෂතා සහ පිටියෙන් මතු වන ත්‍රාසජනක මොහොතින් පමණි.

කෙසේ වෙතත්, මෙම සමාරම්භක ආන්දෝලනයන් සහ නොසන්සුන්තාවන් මධ්‍යයේ වුවද, බිඳ වැටුණු රසික බලාපොරොත්තු නැවත දල්වා ගැනීමට තවමත් විශාල අවස්ථාවක් ඉතිරිව පවතී. දින 39ක් පුරා දිවෙන මෙම පාපන්දු සැණකෙළියේ ඉදිරියට තවත් දින 38ක් සහ තරග 100ක් ඉතිරිව ඇති බැවින් ඕනෑම මොහොතක තරගාවලියේ ගමන් මඟ වෙනස් විය හැකිය. නව කණ්ඩායම් 48ක ආකෘතිය හේතුවෙන් කුඩා රටවලට තමන්ගේ දක්ෂතා ලොවට පෙන්වීමට ලැබී ඇති අවස්ථාව, සත්කාරක කැනඩාවේ සහ ඇමරිකාවේ ඉදිරි තරග මෙන්ම, සමකාලීන පාපන්දු ලෝකයේ ජීවමාන පුරාවෘත්තයන් වන ලියොනෙල් මෙසී (Lionel Messi) සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) ගේ අවසන් ලෝක කුසලාන නියෝජනය වීමට ඇති ඉඩකඩ නිසා රසිකයෝ මහත් උනන්දුවකින් බලා සිටිති. අවසාන වශයෙන්, 2026 ලෝක කුසලානයේ ආරම්භය ක්‍රීඩාවට වඩා වාණිජ සංදර්ශනය, තාක්ෂණය සහ විකාශන ගැටලු මත තීරණය වුවද, පාපන්දුවේ සැබෑ සුන්දරත්වය විනිශ්චය වන්නේ ඉදිරියේදී වාර්තා වන විශිෂ්ට ගෝල, ක්‍රීඩකයන්ගේ අසමසම දක්ෂතා සහ පිටියෙන් මතු වන ත්‍රාසජනක මොහොතින් පමණි. ඉදිරි සති කිහිපය තුළදී පිටියේ දිග හැරෙන පාපන්දු සුන්දරත්වය, සමාජ මාධ්‍යයේ ඇති වූ ආන්දෝලනාත්මක කුණාටුව පරදවා ජයගනු ඇතැයි සමස්ත ක්‍රීඩා ලෝකයම අපේක්ෂා කරයි.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර