සියලු පාසල් ආශ්‍රිතව 18දා ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික වැඩසටහනට සාපේක්ෂව දිවයිනේ සියලු පාසල්, පෙරපාසල් සහ අධ්‍යාපන ආයතන අශ්‍රිතව ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත විශේෂ චකලේඛයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීම සහ ප්‍රජා සහභාගීත්ව පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

කාලීන පුවත්