අගමැතිනි හරිනිට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරක කාලය ඉකුත් මැයි 3 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු එළඹි නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය තම පක්ෂ ආධාරකරුවන් හමුවේ කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිත පැමිණිල්ලක් භාර දී තිබේ.එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ එම ප්‍රකාශය මඟින් බරපතල ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කළ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ය.අගමැතිනියගේ එම ප්‍රකාශය නීති විරෝධී බවට පැෆ්රල් සංවිධානය විසින් ද මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇත.

කාලීන පුවත්