අගවිනිසුරුවරයාගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඒ අනුව වත්මන් ආණ්ඩුවට එරෙහිව පළමු අදියර ලෙස ගාල්ලේ සිට කොළඹ බලා පැවැත්වෙන පාගමනක් සංවිධානය කිරීමට විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.මෙම පාද යාත්‍රාවේ සම්පූර්ණ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා වෙත පැවරීමට විපක්ෂ නායකවරයා තීරණය කර ඇත.විපක්ෂයේ සෙසු පක්ෂවල සහයෝගය ද සහිතව ජන ගඟක් කොළඹට ගෙන්වා මෙම විරෝධතාවය පැවැත්වීමට සජබය සැලසුම් කර තිබෙන අතර, ඒ සඳහා විපක්ෂයේ සෙසු පක්ෂවල සහාය ලබා ගැනීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු වී තිබේ.ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවද දැනගන්නට ලැබේ.