අගෝස්තු මුල් දින හයට සංචාරකයින්ගේ පැමිණීම 42,000 ඉක්මවයි

අගෝස්තු මාසයේ මුල් දින 06 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 42,810ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7,827ක් පැමිණ ඇති අතර, එය සමස්ත සංඛ්‍යාවෙන් 18%ක්.

එක්සත් රාජධානියෙන් 4,922ක්, ප්‍රංශයෙන් 3,908ක් සහ චීනයෙන් 3,031ක්ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.නිකුත් කළ නවතම දත්ත අනුව 2026 ජනවාරි 01 සිට අගෝස්තු 06 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,386,228ක්.

ඒ අතරින් ඉන්දියාවෙන් 346,057ක්,එක්සත් රාජධානියෙන් 135,323ක් සහ චීනයෙන් 91,538ක්ද සංචාරකයින් පැමිණ ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්