නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය හෙට (19) ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරුවේ ආරම්භ වීමට නියමිත අතර ජනාධිපති වරයා දැනුම් දී ඇති පරිදි ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැති එම නව සැසිවාරයේ දී පෙරවරු 10 ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.නව සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් චාම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇති අතර. පාර්ලිමේන්තුවට පිවිසෙන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතිකාංග කිහිපයක් පමණක් සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.