දිවයින පුරා පිහිටා ඇති හෙක්ටයාර තුන්දහසක් පමණ වන සංරක්ෂණ ඉඩම් වල කොස් ඵලදාව මහජනතාවට නෙලා ගත හැකි ආකාරයට බලපත් නිකුත් කිරීමේ වැඩපිළීවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීිර මහතා වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.ඒ ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයට විසඳුමක් ලෙසිනි.මෙම ඉඩම් කොස් වගා කර ඇති එම මෙම ඉඩම්වල ඵලදාව කිසිදු ප්රයෝජනයකට නොගෙන විනාශ වෙමින් පැවතීම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇමතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඒවා ජනතාවට ලබා ගතහැකි පරිදි වැඩපිළිවෙලක් සකස් කරන බව ඇමතිවරයා කියයි.