දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන ආනයනික කිරිපිටි මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) තහවුරු කළේය.ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සහ ආනයන වියදම් ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.නවතම මිල සංශෝධනයට අනුව ග්‍රෑම් 450 පැකට්ටුව රුපියල් 50 කින් ද කිලෝග්‍රෑම් 1 පැකට්ටුව රුපියල් 125 කින් ඉහළ දමා ඇත.මෙම මිල සංශෝධනය අද සිටම ක්‍රියාත්මක වන බැවින් පාරිභෝගිකයින්ට නව මිල ගණන් යටතේ නිෂ්පාදන මිලදී ගැනීමට සිදුවනු ඇත.