ඉදිරි දිනවල දුම්රිය හා පෞද්ගලික බස් සේවා බිඳ වැටීමක්

දැනට පවතින ඩීසල් අර්බුදය සහ දුම්රිය රියැදුරන් සහායකයන්ගේ හිඟය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දුම්රිය හා පෞද්ගලික බස්රථ ධාවනය අඩාල විය හැකි බවට අදාල අංශ අනාවරණය කරයි ඊයේට සාපේක්ෂව අද(01) දිනයේදී ද පෞද්ගලික බස්රථ ධාවනය සැලකිය යුතු මට්ටමෙන් අඩුවී ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන අතර මෙම අර්බුදය විසඳීම පිණිස විධිමත් ක්‍රමවේදයක් යටතේ පෞද්ගලික බස්රථ සඳහා අවශ්‍ය ඩීසල් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කළ යුතු බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා කියයි.මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරනුයේ ඩීසල් නොමැති වීමෙන් පෞද්ගලික බස් රථ ධාවනය හෙට සිට සම්පූර්ණයෙන්ම නතර වීමේ අවදානමක් පවතින බවකි.මේ අතර වෙන වාර වල මෙන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම් රිය යොදවනු තබා සාමාන්‍ය දුම්රිය කාලසටහන් වත් පවත්වාගෙන යාමේ අවදානමක් පවතින බව පවසන දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ රජයේ බලධාරීන් දුම්රිය සේවය විධිමත් ව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් පළ නොකරන බවකි.

කාලීන පුවත්