ඉන්දියන් යූරියා මුසු නව එළවළු පොහොරක් ඉන්දීය රජය සැපයූ යූරියා පොහොර යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ එළවඵ වගාව සදහා මිශ්‍ර පොහොරක් සකස් කිරිම ලංකා පොහොර සමාගම මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව ඒ අනුව මධ්‍ය පරිමාණ සහ ගෙවතු එළවඵ වගා වලින් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි පොහොර වර්ගයක් වෙළඳ පළට ඉදිරිපත් කළ හැකි වෙතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් කීය.මේ වන විට වේගවත්ව ඉහළ නඟිමින් පවතින ආර්ථික උද්ධමනය හමුවේ සමාජයේ බොහෝ දෙනකු විවිධ වගාවන් සඳහා නැඹුරු වෙමින් පවතින අවදියක මෙවැනි නව හඳුන්වා දීම් ජනතාව අතරේ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වනු ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග කියයි.