සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දෙමින් ඉන්දියානු තෙල් සංස්ථාව, අද( 01)සිට , වාණිජ LPG (Liquefied Petroleum Gas)ගෑස් සිලින්ඩරවල මිල අඩු කොට ඇත.
මෙම තීරණය මගින් අවන්හල්, හෝටල් සහ ආහාර සපයන්නන්ට සහන සැලසෙනු ඇත.ඒ ආහාර පාන මිල ගණන් පාලනයෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම පිණිසය.කෙසේ වෙතත්, සංස්ථාව ගෘහස්ථ LPG ගෑස් සිලින්ඩරවල මිල වෙනස් කර නැත.
මෙයින් අදහස් කරන්නේ ගෘහස්ථ LPG ගෑස් සිලින්ඩර මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඔවුන් 2021 දෙසැම්බර් මාසයේ ගෙවූ මිලම ගෙවීමට සිදුවන බවයි.
කිලෝග්‍රෑම් 19 ක වාණිජ සිලින්ඩරයක මිල රුපියල් 102.50 කින් අඩු කර ඇත. නවතම සංශෝධනය සමඟින්,වාණිජ LPG ගෑස් සිලින්ඩර් මිල අද (ජනවාරි 1) සිට දිල්ලි හි රුපියල් 2,004 දක්වා පහත වැටෙනු ඇත.
කොල්කටාහි වාණිජ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,074.5 කි. ඒ හා සමානව, මුම්බායි හි වාණිජ ගෑස් කිලෝග්‍රෑම් 19 සිලින්ඩරයක නවතම මිල රුපියල් 1,951 කි.
තවද, චෙන්නායි හි කිලෝග්‍රෑම් 19 වාණිජ ගෑස් සිලින්ඩරය දැන් රුපියල් 2,134.50 ට අලෙවි වනු ඇත.