ඉන්දීය මානුෂීය ආධාර නැවක් අද එයි

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙටි‍්‍රක් ටොන් 30 ක්, සහල් මෙට්‍රික් ටොන් 900 ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් ඇතුලූ‍ ඉන්දීය මානුෂීය ආධාර රැගත් නෞකාවක් අද(22) දිවයිනට ළඟා වීමට නියමිතය.තමිල්නාඩු ප‍්‍රාන්තය විසින් එක්රැස් කරගත් ආධාර ද ඇතුළු රුපියල් බිලියන දෙකක් වටිනා ආධාර මෙලෙස ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට හිමිවනු ඇත.පසුගිය කොවිඩ් වසංගතය හමුවේ ලොව දරුණුතම බලපෑමකට නතු වූ ඉන්දියාව අද වන විට ආර්ථික වශයෙන් සතුටුදායක තත්වයක පවතින අතරේ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට බංග්ලාදේශයෙන් ද ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක පරිත්‍යාගයක් හිමිව තිබේ

කාලීන පුවත්