ඉන්ධන ඉල්ලුමේ ශීඝ්‍ර ඉහළ යාමක්

මෙරට සාමාන්‍ය දෛනික ඉන්ධන ඉල්ලුම මෙට්‍රික් ටොන් 6,000ක් වුව ද ඊයේ දිනයේ(19) පමණක් එම ඉල්ලුම මෙට්‍රික් ටොන් 9,000 දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.ඉන්ධන පිරවුම් හල් ආරංචි මාර්ග පවසන අන්දමට නුදුරු දිනයක ඉන්ධන මිල වැඩි වන බවට සහ ඉන්ධන හිඟයක් ඇතිවන බවට පැතිර යන ආරංචි මත වාහන හිමියන් වෙනදාට වඩා අතිරික්ත ඉන්ධන ප්‍රමාණයක් වාහන වලට ලබා ගැනීම මීට හේතු වී තිබේ..නමුත් ඩීසල්, පෙට්‍රල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකා 5ක් අද(20) සිට ඉදිරි සතිය තුළ දිවයිනට ළඟා වන බව පවසන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති වරයා වැඩිදුරටත් පවසනුයේ, ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග රුපියල් වශයෙන් වන මිල යටතේ ද ලබාදීමට ද සංස්ථාව සූදානම් බවයි.

කාලීන පුවත්