ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම,බෙදා හැරීම සහ ප්‍රමුඛත්වය හිමිවන්නේ කුමන පාර්ශවවලටද? යන්න ලබන 12 වනදා දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට අද (04)ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කොට තිබේ.ඒ රෝහල් සහ ප්‍රවාහන පද්ධතිය අඩපණ වී ඇති බැවින් ඉන්ධන අර්බුදය විසඳීමට නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදීය.විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැළුණි.අග්‍රාමාත්‍යවරයා,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුලු පාර්ශව කිහිපයක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.