විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදු කොට ඉන්ධන මිල ද තවදුරටත් අඩු කිරීමට සූදානම් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. මෙම නව පනත් කෙටුම්පතේ නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය 07 දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.