ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව ඒවායේ මිල වැඩිවීමත් වුවත් එය 18% කින් ඉහළ නොයන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය කීවාය.ඉන්ධන සහ ගෑස් මත 18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඉන්ධන සඳහා වූ 7.5% ක හා ගෑස් සඳහා වූ 2.5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බව ද ඇය කීවාය එමෙන්ම ඇය, පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දෑ වලට උපරිම මිලක් නියම කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා ඒවායේ මිල තීරණය කරනු ඇති බව ද තනුජා පෙරේරා මහත්මිය කීවාය.
.