ඒ පිටපත මගේ නෙවෙයි

තමා විසින් එදින වේදිකාවේ ඉදිරිපත් කරන ලද්දේ තවත් පුද්ගලයකු විසින් සකස් කරන ලද පිටපතකට අනුව සැකසුණු ප්‍රකාශයක් බව බුදුදහමට ප්‍රසිද්ධියේම අපහාස කළ බවට චෝදනා ලැබ සිටින නතාෂා එදිරිසූරිය නම් කාන්තාව ප්‍රකාශ කොට ඇත. අත්අඩංගුවට ගෙන මෙ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නතාෂා එදිරිසූරියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම සිදුවීම සහ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිදරව් කරගෙන ඇති බව වාර්තා වේ.එමෙන්ම එම ප්‍රකාශයන්ට අත්පොළසන් දෙමින් සිනාසුණ පුද්ගලයින් පිළිබඳව ද පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.ඒ අතරේ අප්‍රියෙල් පළමු වන දා ඇය විසින් කළ මෙම ප්‍රකාශය සමාජ ජාල වලට මුදා හැරීමට මෙතරම් කාලයක් ගත වීමට හේතු කෙරෙහි ද විමර්ෂකයන් ගේ අවධානය යොමු වී තිබේ.

කාලීන පුවත්