කොළඹට කිරි……..!

පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද(11) සිට ආරම්භ කොට ඇත.මෙම වැඩ පිළිවෙළෙහි පළමු අදියරේ සමාරම්භක අවස්ථාව අද දින නාරාහේන්පිට පිහිටි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.මෙම වැඩ පිළිවෙළ අනුව නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාව තුළ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබේ.එමෙන්ම දුරකථන අංක 0117 173 984 ට අමතා දියර එළකිරි ඇණවුම් කිරීමට ද හැකිය. ඒ අනුව කොළඹ නගර සීමාව හා ඊට තදාසන්න ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇණවුම් බාරදීමට ද කටයුතු යොදා ඇති බව ජාතික පශු සම්පත් සංව්රධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්. සිරිල් මහතා පැවසීය.

කාලීන පුවත්