හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 6 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ගලගෙදර, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.
ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.