කෝටි 500 ක අස්වැසුම අද සිට

කෝටි 500 ක අස්වැසුම අද සිට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා අද(30) දිනයේ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ සියළුම ශාඛා විවෘතව පවතී.මේ වන විට ඒ සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.එම මුදල ලබාදුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ 8 ක් පමණ වන අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකුවලට ලබාදුන් රු. කෝටි 500න් රු. කෝටි 439.5ක් ඊයේ (29) බැංකු විසින් අස්වැසුම ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට තැන්පත් කර ඇත. හඳුනාගත් අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන දෙක අතුරින් ප්‍රතිලාභීන් මිලියන 1.5කට අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

කාලීන පුවත්