උඩවලවේ ට්‍රැක්ටර් කියුබ් පන්ලක්ෂ පන්දහස් නවසියයක රොන්මඩ ඉවත් කරන්න යයි

මේ වන විට නියඟයෙන් සිඳී ගොස් ඇති උඩවලව ජලාශය පත්ලේ රැඳී ඇති ට්‍රැක්ටර් කියුබ් පන්ලක්ෂ පන්දහස් නවසියයක් පමණ වන රොන්මඩ ඉවත් කරන්නැයි වලව ගොවීන් කර ඇති ඉල්ලීම මත ක්ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා නිලධාරීන් කණ්ඩායමක් උඩවලව ජලාශය වෙත යැවීමට තීරණය තීරණය කර තිබේ. කියුබික් මීටර් මිලියන 265ක ධාරිතාවයෙන් යුතු උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක් ( මිලියන 1.5ක්) පිරී ඇතැයි උඩවලවේ ඉංජිනේරු කාර්යාලය කළ අනුමාන සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.මෙලෙස එකතු වී ඇති රොන් මඩ වල ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයක් බවද එම මඩ ඉවත් කිරීම මගින් වැඩි වන ජල ධාරිතාවය අක්කර අඩි 1273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05ක් බව ගණන් බලා ඇත. ඉන් වැඩිපුර වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300ක් බව ද පැවසෙයි.

කාලීන පුවත්