ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ට ගෙන්වීමට පියවර ලෝක බැංකු ණය ආධාර යටතේ ලැබෙන ඩොලර් මිලියන 70ක් සහ අපෙන් ඩොලර් මිලියන 20ක් යොදා ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට පියවර ගන්නා බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද(22) පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළේය.එමෙන්ම ඉන්ධන ගැටළුව විසඳීමට තවත් සුළු කාලයක් ගතවනු ඇති බවත් ඒ දක්වා අරපරිස්සමින් ඉන්ධන භාවිතා කරන ලෙසත් අග්රාමාත්යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.