ගුවන් හමුදාව කුඹුරට බසියි

මෙරවැව, කනුගහවැව සහ අම්පාර ප්‍රදේශවල අඩු ආදායම් ලාභී ගොවි පවුල්වල මෙම කන්නයේ ගොයම් අස්වැන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍රවලින් නොමිලයේ නෙළාදීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාව ආරම්භ කර තිබේ.

එහි පළමු පියවර යටතේ මෙරවැව ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 31 ක් තෝරාගත් බවත් එහිදී එක් පවුලක අක්කර තුන බැගින් අක්කර 93 ක අස්වැන්න නෙළා දෙන බවත් ගුවන් හමුදාව කියයි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කාලීන පුවත්