2023 වසරේ ඉදිරි කාල සීමාව තුළ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්,විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ(15) මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.රජයේ ප්‍රතිපත්ති, තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම ජනවාරි 1 වැනිදා සහ ජුලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුකුලව එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ බවත් විදුලිබල මණ්ඩලය එම යෝජනාව සකස් කිරීමේ දී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල්අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම මඟින් එම දත්ත සහ තොරතුරු පරීක්ෂා කරීමෙන් පසු දැනට පවත්නා විදුලි ගාස්තු අඩු කිරීමට ඇති හැකියාව සොයා බැලෙනු ඇත.