තාත්තා යළි බලයට එන්නේ ජන මතයකින් විතරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත්වන්නේ ජන මතයකින් මිස වෙනත් අයථා ආකාරයකින් නොවන බව ඔහුගේ පුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.මහින්ද රාජපක්ෂ මහතා නැවත අග‍්‍රමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් පැන නැඟිය හැකි ජනතා විරෝධය මැඩලීම සඳහා විශේෂ ආරක්ෂක බල ඇණි කොළඹට කැඳවා ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි නිල නොවන තොරතුරු වාර්තා කොට තිබූ මුත් ඉහළ ජන ප‍්‍රසාදයක් ඇති මහින්ද රාජපක්ෂ මහතාට අනීතික ලෙස බලයට පත් වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව නාමල් රජපක්ෂ මහතා කියයි.එහෙත්, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් ඉවත් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන ලද අතර ඔහු එය භාර ගන්නා ලදුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයෝ ද ප්‍රසිද්ධ ස්ථාන වල කිරිබත් කමින් ඒ සතුට භුක්ති විඳිනු දක්නා ලදී.නමුදු මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පෙර අගමැති ධුරය භාර ගන්නා මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් ඉල්ලා සිටි අතර ඔහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

කාලීන පුවත්