ඉදිරි මාස හය තුළ ජනතාවට සහන රැසක්

මෙම වසරේ ඉතිරි ඉදිරි මාස හය තුළ ජනතාවගේ ජීවන බර හැකිතාක් අඩු කිරීම සඳහා විවිධ අංශවලින් සහන රැසක් ලබා දීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.අමාත්‍ය වරයා මෙම අදහස් පළ කළේ ඇහැලියගොඩ ප‍්‍රදේශයේ බිම්මල් වගා ව්‍යාපෘති කිහිපයක ප‍්‍රගතිය විමසා බැලීම සඳහා පැවැතී රැස්වීමකට සහභාගි වෙමිනි. එමෙන්ම විදුලි බිල ද ඉදිරි මාසය හෝ මාස දෙක තුළ අඩු කරන බව හා ඒ ඉන්ධන මිලත් අවස්ථා දෙකක දී අවම කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු කීය. මේ අතර අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය ද පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබේ.ඒ අනුව සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 6 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 243කි.එමෙන්ම ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080 කි.එමෙන්ම ඉදිරි දෙමස තුළ තවත් තවත් පාරිභෝගික භාණ්ඩ රැසක මිල ගණන් තවදුරටත් පහත වැටෙනු ඇතැයි ලංකා සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්