ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්

ටින් කළ මාළු වර්ග අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනයට අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ද වේ.තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍.පාරිභෝගික අධිකාරිය සඳහන් කරනුයේ අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවයි.

කාලීන පුවත්