ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසයි.

නිවසේ හෝ අසල නිවසක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු ඇත්නම්, ඔබටද ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි, ඔහු  පවසයි.

කාලීන පුවත්