ඩෙංගු හිස ඔසවයි

මෙම වසරේ ගෙවී ගිය මාස කිහිපයේදී ඩෙංගු රෝගීන් 27,754ක් මෙරටින් හමුවීමත්, ඉන් 14ක් මිය යාමත් සැලකිල්ලට ගෙන මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සියලු දෙනා පියවර ගත යුතුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවසුවාය.

ඉකුත් කාලයේදී එක දිගට දැඩි අව් රශ්මිය පතිත වී කඩින් කඩ වැසි ලැබීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවීමේ වර්ධනයක් සිදුවන බවත්, ලබන මසදී ජාතික ඩෙංගු මර්දන සතියක් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය කියා සිටියාය.

ඉකුත් 2025 වසරේදී මාස 12 තුළම ඩෙංගුවලින් මියගියේ 29 දෙනෙක් වුවත් මෙම වසරේ මුල් මාස පහක පමණ කාලය තුළ ඩෙංගු මරණ 14ක් වාර්තා වීම ඩෙංගු මරණවල වර්ධනයක් බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය.

තද උණ, ඇඟපත වේදනාව, ඇස් යට වේදනාව, වමනය, ඔක්කාරය සහ පැය 48 පුරා උණ අඩු නොවී පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැසී වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද ඇය පැවැසුවාය.

කාලීන පුවත්