‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ වැඩි යමක් සොයා බැලීම සඳහා තල්ලුවක් ලබා දුන්නේය. මේ කතාවෙන් පැවසෙන්නේ වයස පනස් ගණන්වල මුල් අවධියේ පසු වන ටාරා සින්ක්ලෙයාර් නම් ධනවත් ආකර්ෂණීය ගැහැනිය ඇයට වඩා හරි අඩක්ම වයසින් අඩු ජේඩන් නම් තරුණයකු හඳුනාගෙන වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු සමග ආදර සම්බන්ධතාවක් පටන් ගැනීමය. ස්ත්‍රී පුරුෂ භූමිකාව, මුදල් බලය, වයස් පරතරයක් අතර ආදර සබඳතාවක දී මතුවන මනෝභාවමය සංකීර්ණතා මේ සිනමා පටයෙන් නිරූපණය කෙරෙනු දැකිය හැකිය. ඒ සමගම වර්තමාන සමාජය තුළ කෙමෙන් ප්‍රසිද්ධියේ ඉස්මතු වන ‘සීනි අම්මලා’ යන තත්ත්වය පිළිබඳ කතා කරන්නට, සොයා බලන්නට පෙලඹවීමක් ද එයින් ලබා දෙයි.

1920 දශකය තරම් ඈතට දිවෙන සීනි තාත්තලා සංකල්පය මේ නොව සීනි අම්මලා සංකල්පය මතු වන්නේ විසි වැනි සියවසේ මැද භාගයේ දී පමණය. මෙහි ‘සීනි’ යන්නෙන් නිරූපණය වන්නේ මූල්‍යමය සහ මනෝභාවමය වශයෙන් වූ ‘මිහිරිබව’ හෝ ‘රසවත් බව’ යන්නය. ‘සීනි අම්මා’ කෙනෙකු සිටීම තුළින් තරුණයකුගේ මූල්‍යමය ජීවිතය රසවත් වනවාය යන්න මෙයින් හැඟවේ. එමෙන්ම ‘අම්මා’ යන්නෙන්, ‘තාත්තා’ සේම ආධිපත්‍ය, ආදර සැලකිල්ල සහ පාලනය වැනි කාරණා නිරූපණය වේ.

සැබවින්ම අප එතරම් සැලකිල්ලට ලක් නොකළත් සීනි අම්මලා ශ්‍රී ලාංකේය සමාජය තුළ ද ඕනෑ තරම් දකින්නට හැකිය. සීනි අම්මා යන්න සාමාන්‍යයෙන් අර්ථ දක්වා ඇත්තේ සෙනෙහසක් හෝ ප්‍රේමයක් අපේක්ෂාවෙන් වයසින් ලාබාල තරුණයකු සමග සබඳතාවක් පවත්වාගෙන යන මූල්‍යමය වශයෙන් ශක්තිමත්, වයසින් වැඩි කාන්තාවක් ලෙසිනි. පුවත්පත්වල මංගල දැන්වීම් අතරේ ද ඇතැම් විට වයසින් වැඩි කාන්තාවන් තරුණයකුට ඇරයුම් කරන දැන්වීම් පල කොට තිබෙනු දැකිය හැකිය. එමෙන්ම සමාජ මාධ්‍යවල ද එවැනි පෝස්ට් ඕනෑ තරම් දකින්නට ලැබේ. දැනට සමාජයේ, පොදු ප්‍රවාහනයේ හෝ කාර්යාලවල හෝ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන සීනි තාත්තලා මෙන් නොව සීනි අම්මලා තවමත් එතරම් තදින් ඉස්මතු වී ඇත බවක් පෙනෙන්නට නැත. නමුත් සීනි අම්මලා යනු හුදෙක් සීනි තාත්තලාගේම විරුද්ධ ලිංගිකයන් පමණක් නොවන බව මේ පිළිබඳ ගැඹුරින් විමසා බලද්දී පෙනී යයි. මේ භූමිකා දෙක අතර පැහැදිලි වෙනසක් තිබේ.

1920 දශකය තරම් ඈතට දිවෙන සීනි තාත්තලා සංකල්පය මේ නොව සීනි අම්මලා සංකල්පය මතු වන්නේ විසි වැනි සියවසේ මැද භාගයේ දී පමණය. මෙහි ‘සීනි’ යන්නෙන් නිරූපණය වන්නේ මූල්‍යමය සහ මනෝභාවමය වශයෙන් වූ ‘මිහිරිබව’ හෝ ‘රසවත් බව’ යන්නය. ‘සීනි අම්මා’ කෙනෙකු සිටීම තුළින් තරුණයකුගේ මූල්‍යමය ජීවිතය රසවත් වනවාය යන්න මෙයින් හැඟවේ. එමෙන්ම ‘අම්මා’ යන්නෙන්, ‘තාත්තා’ සේම ආධිපත්‍ය, ආදර සැලකිල්ල සහ පාලනය වැනි කාරණා නිරූපණය වේ. සීනි තාත්තලා ඇමරිකාව තුළ ජෑස් සංගීතය ප්‍රචලිතව පැවති යුගයේ දී පවා ඉතා විශාල ලෙස දකින්නට සිටිය ද සීනි අම්මලා දකින්නට මූල්‍යමය වශයෙන් ශක්තිමත් ගැහැනුන් මතුවන්නට පටන් ගැනුණු 20 වැනි සියවස දක්වා බලා සිටින්නට සිදු විය. ඒ ස්ත්‍රීවාදය, ධනවාදය සහ ප්‍රබල කාන්තා චරිත කෙමෙන් මතුවීමට ස්තුති වන්නටය.

සීනි අම්මා යන සංකල්පය පවතින්නේ ඇයි? ඇතැම් මනෝවිද්‍යාඥයින් පවසන්නේ එය හුදෙක් මුදල් හෝ වයස පිළිබඳ පමණක් සම්බන්ධ කාරණයක් පමණක් නොවන බවය. එය තුළ ඇත්තේ බලය, අනන්‍යතාව සහ බොහෝ විට මානසික සුවපත්බව වැනි කාරණාය.
ගැහැනියක්, සීනි අම්මා කෙනෙකු බවට පත්වීම තුළින් යම්කිසි බල ගැන්වීමක් ඇයට හිමි වෙයි. ඇය සාර්ථක, පරිණත සහ යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් බලය පතුරුවන තැනැත්තියක් බවට පත් වෙයි. සාමාන්‍යයෙන් ගැහැනියක්ව පෙම්වතියක් ලෙස තෝරා ගන්නට ප්රමුඛ වන්නේ පිරිමින් වුව ද මෙහිදී, ගැහැනිය සිය තේරීම සිදු කරයි. යමක් පාලනය කරන්නට ගැහැනියක් තුළ පවතින ආශාව සංසිඳුවා ගැනීමක් සහ සාම්ප්‍රදායිකව ගැහැනිය යනු පිරිමියෙක් මත යැපෙන්නේය සංකල්පයට අභියෝග කිරීම ද මෙහි දී දකින්නට ලැබේ. වයස් ගත වන විට ගැහැනියකගේ කාලය අවසන් යැයි පැවසෙන ජනප්‍රිය මතය මෙය තුළින් යටපත් කොට ඇය තවමත් යොවුන් වියේ පසු වන බව හඟවන්නට දරන උත්සාහය ද මෙය තුළින් මතු වේ.

තරුණයකුට ගැහැනියක් කරා ආකර්ෂණය වන්නට මනෝභාවයමය ආරක්ෂාව සහ ගෞරවය වැනි කාරණා බලපාන බව පෙනෙන නමුත් ඇතැම් අවස්ථාවල දී ඔවුන් වයසින් වැඩි ගැහැනුන් කෙරෙහි ස්වාභාවිකවම ආකර්ෂණය වන බව ද දකින්නට හැකිය. ඒ අත්දැකීම් ලබාගැනීම, මූල්‍යම යැපීමක් අවශ්‍ය වීම සහ සුරතල් වෙමින් ආදරය ලබන්නට හැකි වීම වැනි කාරණා මුල් කරගනිමිනි. මේ සුරතල් වෙමින් ආදරය ලැබීම තුළ මාතෘ රැකවරණය සමග මිශ්‍ර වූ ලිංගික ආකර්ෂණය ද පවතී.

ලෝකයේ ඉතා දියුණු රටවල සිට ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල් දක්වා සීනි අම්මා සංකල්පය අඩුවක් නැතිවම කෙමෙන් ජනප්‍රිය වෙමින් සමාජය තුළින් ඉස්මතු වෙමින් පවතී. අප්‍රිකාවේ ඇතැම් කලාප තුළ, විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ සහ නයිජීරියාවේ වයසින් වැඩි ගැහැනුන් විසින් තරුණයින්ට මූල්‍යමය වශයෙන් සහයෝගය ලබා දෙමින් ආදරයෙන් බැඳී සිටීම ජනප්‍රිය සංස්කෘතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබේ. එය බොහෝ විට හඳුන්වනු ලබන්නේ ‘බෙන්ටෙන්’ (Ben 10) සබඳතා ලෙසිනි. ජපානයේ ‘ජොසෙයි කට්සු’ නමින් සමාජමය සංසිද්ධියක් පවතින අතර එයින් පැවසෙන්නේ ද තරුණයින් වෙනුවෙන් වියපැහැදම් කරන වයසින් වැඩි ගැහැනුන් පිළිබඳවය. අපේ රටේ පවා මෙවැනි තත්ත්වයන් ඕනෑ තරම් දැකිය හැකිය. එක් ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් මගින් නිර්මාණය කළ වීඩියෝවක් මගින් පෙන්වූයේ, එක් තරුණයකු සාප්පු සවාරි ගොස් අධික මිල ගණන් යටතේ ඇඳුම් රාශියක් තෝරා ගත් පසු එතරම් මුදලක් ගෙවන්නේ මුදලින් ද කාඩ් එකෙන්දැයි විමසා සිටින කල සිනාවෙමින් එතැනට පැමිණෙන වයසින් වැඩි ගැහැනියකගේ දර්ශනයකි.
තරුණයින් සැබවින්ම සීනි අම්මලාට කැමතිද? මෙසේ අසන්නට හේතු වී ඇත්තේ ඔවුන් හුදෙක් මුදල් නිසාම පමණක් මෙසේ ආකර්ෂණය වනවා ද යන්න ඇතැම් විට අසනු ලබන නිසාය. නමුත් කරන ලද සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ බොහෝ තරුණයින් වයසින් වැඩි ගැහැනුන්ට ආදරය කරන්නට කැමැත්තෙන් පසුවන බවය. බොහෝ සමාජ මාධ්‍යවල ‘අක්කා බබා’ වැනි යෙදුම් මගින් ද හැඟවෙන්නේ මේ කාරණය. ‘අක්කා බබා’ යන්න තුළ ඉතා වයසින් වැඩි ස්වභාවයක් පෙන්නුම් නොකළ ද, තමාට වඩාා වයසින් වැඩි ගැහැනියකට තරුණයකුගේ ඇති කැමැත්ත එය තුළින් හැඟවෙයි.
සමාජ මාධ්‍ය, ගැහැනු පිරිමි එකිනෙකා හඳුන්වා දෙන වෙබ් අඩවි සහ ඒ සඳහා වූ ජංගම දුරකතන යෙදුම් ආදිය ද මේ තත්ත්වය වර්ධනය කරන්නට හේතු කාරණා සපයා තිබේ.

තරුණයින් සැබවින්ම සීනි අම්මලාට කැමතිද? මෙසේ අසන්නට හේතු වී ඇත්තේ ඔවුන් හුදෙක් මුදල් නිසාම පමණක් මෙසේ ආකර්ෂණය වනවා ද යන්න ඇතැම් විට අසනු ලබන නිසාය. නමුත් කරන ලද සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ බොහෝ තරුණයින් වයසින් වැඩි ගැහැනුන්ට ආදරය කරන්නට කැමැත්තෙන් පසුවන බවය. බොහෝ සමාජ මාධ්‍යවල ‘අක්කා බබා’ වැනි යෙදුම් මගින් ද හැඟවෙන්නේ මේ කාරණය. ‘අක්කා බබා’ යන්න තුළ ඉතා වයසින් වැඩි ස්වභාවයක් පෙන්නුම් නොකළ ද, තමාට වඩාා වයසින් වැඩි ගැහැනියකට තරුණයකුගේ ඇති කැමැත්ත එය තුළින් හැඟවෙයි. විශේෂයෙන් නිවෙස්වල සුරතලයට හැදුණු වැඩුණු තරුණයින් බොහොමයක් තමාට වඩා වයසින් වැඩ ගැහැනියකට ආදරය කරන්නට පෙළඹෙන බව පෙනෙන්නට තිබේ. සීනි අම්මලා සංකල්පය ප්‍රචලිත වෙද්දී එවැනි තත්ත්වයන් තවත් වර්ධනය වෙයි. කෙසේ වෙතත් තවමත් සමාජය තුළ සීනි තාත්තලාට හිමි වන ගෞරවය, සීනි අම්මලාට ලැබී නැති බව ද පෙනෙන්නට ඇති කාරණයකි.

වයසින් අඩු කරුණයකු සහ වයසින් වැඩි ගැහැනියක අතර පවතින සබඳතාව පවත්වාගෙන යන්නට නම් එය ධනය, බලය වැනි සීනි තවරා තිබිය යුතුය යන සංකීර්ණ කාරණය Sugar Mama සිනමා පටය තුළින් ද නිරූපණය වෙයි. සෑම ආදර සබඳතාවක් පසුපසම ඇත්තේ ආශාව, අසමබරතාව, රසවත් බව සහ අවංක ආදරය වැනි මානුෂීය කාරණාවන්ය. එබැවින් සීනි අම්මා වැනි සංකල්පයක් පිළිබඳ කතා කරද්දී ඒ පිළිබඳ අවඥා සහගත ලෙස, පහත් කරමින් හැසිරිය යුතු නැත. එය තුළ පවතින්නේ ද තෝරා ගැනීම, බලය සහ නූතන ප්‍රේමයේ මිහිරි ඛේදවාචකයක් බව පමණක් තේරුම් ගත යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක