ධීවරයන්ට ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක්

පසුගිය දිනවල ශීඝ්‍රයෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ ධීවරයන් මුහුණ පා ඇති දැඩි අසීරුතා මඟහැරීම පිණිස ඔවුනට කඩිනම් ඉන්ධන සහ භූමිතෙල් සහනාධාරයක් ලබා දිය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.ජනාධිපති වරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ(23)ධීවර ඇමති ඩගලස් දේවානන්ද මහතා සහ ජනාධිපති වරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයකු ධීවර සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුවය.එමෙන්ම වර්තමානයේ ධීවර ජනතාව මුහුණ පාන ප්‍රශ්න සම්බන්ධයෙන් ධීවර නියෝජිතයන් හා පෞද්ගලික කතා බහකට ඉඩ සළසා දෙන ලෙස ද ජනාධිපති වරයා එහි දී කියා තිබේ.

කාලීන පුවත්