ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් ඉදිරියට ගෙන යාම පිණිස නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම අතුළු විශාල වගකීම් ප්රමාණයක් ඒ මහතාට පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික සංධානය බැසිල් රාජපක්ෂ මහතා විසින් පවරා තිබේ.ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්රමණයක් නාමල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට පැවැත්වීමට ද එම පක්ෂය තීරණය කර තිබේ.ඒ,පවුල් දේශපාලනය සහ පසුගිය කාලය තුළ රට බරපතල අගාධයකට ඇද දැමූ බව පැවසෙන රාජපක්ෂ පවුල් පාලනය පිළිබඳ දැවැන්ත සමාජ විරෝධයක් ද එල්ල වෙමින් පවතින පසුබිමක ය.