දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව අදාළ ප්රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කරයි.