පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස මුල් සතියේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 20 වැනිදා ආරම්භ කර 25 වැනිදා වන විට අවසන් කිරීමට නියමිතයි.
විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366 ක් ද, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723ක් ද ලෙස සමස්ත වශයෙන් අයදුම්කරුවන් 294,089 ක් පෙනී සිටි බවත් ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් පැවැති බවත් ඇය කියා සිටියා.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවත්වූ අතර කිසිදු ගැටලුවකින් තොරව විභාගය පැවැත්වූ බව ද ඇය පැවසුවා.