වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 08 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 1,912,233 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

මේ අතර, නොවැම්බර් 1 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ පමණක් සංචාරකයින් 49,929 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවට සඳහන් වෙයි.වසරේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා අතර පෙරමුණේ පසුවෙන බවට සඳහන් වෙයි.ඒ අනුව, එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 512,026 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

එක්සත් රාජධානියෙන් සංචාරකයින් 176,670 දෙනෙකු ද, චීනයෙන් සංචාරකයින් 126,326 දෙනෙකු ද, ජර්මනියෙන් සංචාරකයින් 108,754 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බවට සඳහන් වෙයි.එමෙන්ම, ඔක්තෝබර් මාසයේ පළමු දින 8 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ද ඉන්දියාවෙන්.එම කාලය තුළ ඉන්දීය සංචාරකයින් 12,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්