අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.දේහය අද උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා බොරැල්ලේ බානි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර තැබෙන අතර එහිදී ඒ මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට අවස්ථාව හිමිවේ.කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ මරියසෙල් ගුණතිලක මහත්මිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10 වන දා අලුයම අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඇය 68 වන වියෙහි පසුවූවා ය.තම මරණයෙන් පැය විසි හතරක් ඉක්ම යාමට පෙර අවසන් කටයුතු නිමා කරන ලෙස ඒ මහත්මිය ඉල්ලා සිටිය ද විදේශයක වෙසෙන ඇගේ එකම පුතුට ශ්‍රී ලංකාවට පැමිණීමට කල් ලබා දෙමින් එය අද දක්වා කල් දැමීමට සිදු වූ මුත් ඇගේ ඉල්ලීම පිණිස අවමංගල්‍ය කටයුතු එක් දිනයකට සීමා කළ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.