ලන්සාට අමාත්‍යංශය එපා වෙයි

විවිධ හේතූන් මත හටගත් කලකිරීම් නිසා නැවත තම අමාත්‍යාංශයට යෑමට තමන් තුළ බලාපොරොත්තුවක් නැතැයි ද ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බව ද ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.සිය රාජ්‍ය අමාත්‍යාංශයට මෙවර අය වැයෙන් වෙන් කොට තිබූ බිලියන 10 ක මුදල් ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදා හැරීම එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදැයි කියන සිද්ධියක් රාජ්‍ය අමාත්‍යවරයාගේ කළකිරීමට හේතුව බව දේශපාලන ආරංචි මාර්ග කියයි.නමුත් විවිධ හේතු මත තමන් කලක සිට පසුවන්නේ දැඩි කලකිරීමක බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට සිය තම අමාත්‍යාංශයෙන් බඩුමුට්ටු පවා ඉවත් කරගෙන ඇත.පසුගිය කාලය තුළ රජයේ වැඩ පිළිවෙල ප්‍රසිද්ධියේ දෝෂ දර්ශනයට ලක් කළ ආණ්ඩු පක්ෂ දේශපාලනඥයන් අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ද වෙයි.

කාලීන පුවත්