වගා කටයුතු සඳහා මැති ඇමති වරුන් රාජ්‍ය සේවකයන් පූර්වාදර්ශයක් දිය යුතුයි ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයට විසඳුම් ලෙස ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු බවත් ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.ඒ අද(30)ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දීය.