වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා තිබේ.ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ජුලි 26 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,313,974ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජූලි මාසයේ ගතවූ දින 26 තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 167,401ක් බවද සඳහන් වෙයි.ජුලි මාසයේ පැමිණි සංචාරකයින් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 38,785ක්.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම ප්‍රමාණය 310,293ක් බවයි සඳහන් වෙයි.