වස දී මැරූ වන සතුන් ගේ මස් කෑවොත් ක්ෂණිකවම මිය යන්න වුණත් පුළුවන්

වස දී මැරූ වන සතුන් ගේ මස් කෑවොත් ක්ෂණිකවම මිය යන්න වුණත් පුළුවන් මේ දිනවල පවත්තා වියළි කාලගුණික තත්වය යටතේ ජලාශ සිඳීයාම මත වනෝද්‍යාන ඇතුළු වන පෙත් වල ජීවත් වන වන සතුන්ට වස මුසු ජලය ලබා දී ඝාතනය කොට ඒ මස් පාරිභෝගිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් නමුදු ඒ මස් අනුභව කිරීමෙන් ක්ෂණික මරණ දක්වා වන ඵල විපාක අත් විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.දැනට වාර්තා වන අන්දමට යාල අභය භූමිය ආශ්‍රිතව මෙසේ ඝාතනය කෙරෙන සතුන් ගේ මස් කතරගම වන්දනාවේ එන බැතිමතුන් ට අලෙවි කිරීමේ සුවිසල් නැඹුරුවක් පවතින පතී.එමෙන්ම මාතර,හම්බන්තොට,උඩ වලවේ,පුත්තලම ආශ්‍රිතව ද මෙම ජාවාරම සිදුවන බවට තොරතුරු ලැබී තිබේ.එබැවින් මේ වන විට මෙවන් ඝාතන කෙරෙහි යම් නැඹුරුවක් ඇති වියළි කලාපයේ සෑම වන කලාපයක් කෙරෙහිම වන ජීවී නිලධාරීන් ගෙ තියුණු අවධානය යොමු වී ඇති බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්