මෙම වසරේ (2026) ජනවාරි සිට ජූලි මාසය දක්වා වන පළමු මාස හත තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,000ක සීමාව ඉක්මවා ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, අදාළ කාල සීමාව තුළ වාර්තා වී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 5,382.4ක් බවයි වාර්තා වෙයි.
පසුගිය වසරේ (2025) අදාළ කාල සීමාව තුළ වාර්තා වී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4,435.2ක ප්‍රේෂණ ප්‍රමාණයක්.ඒ අනුව, පසුගිය වසරේ මුල් මාස හතට සාපේක්ෂව මෙම වසරේදී විදෙස් ප්‍රේෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 947.2කින් හෙවත් සැලකිය යුතු වර්ධනයකින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
මේ අතර, 2026 ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් ලෙස සටහන් වී තිබේ.එය ඉකුත් ජුනි මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 697.3ක අගය හා සැසඳීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 80.3ක ධනාත්මක වර්ධනයක් බවයි සඳහන් කරයි.