විදේශ සංචිත ඩොලර් බිලියන 3.1 ක් දක්වා ඉහළ ගිය හැටි රටට කියන්න

පසුගිය සතියේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලෙස පැවති විදේශ සංචිත ප්‍රමාණය එකවරම බිලියන 3.1 ක් දක්වා වැඩි වූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසන නමුත් ඒ වැඩි වූයේ කෙසේද? වැඩි වූ සංචිත පවතින්නේ කෙසේද? යන්න රටට හෙළිකළ යුතු බව අද(29) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා සඳහන් කළේය.එමෙන්ම ඒ පිළිබඳ දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව ද මන්ත්‍රී වරයා කීය.ඇමරිකානු ඩොලර්වලින් මෙන්ම වෙනත් මුල්‍ය ඒකකවලින් සේම රත්රන් සංචිතවලින් ද විදේශ සංචිත ඉහළ යන බවත්, සංචිත වැඩිවූයේ රත්රන්වලින් හෝ යුආංවලින් නම් ඒවා ඩොලර් වියදම් පියවීමට හෝ විදේශ ණය ගෙවීමට භාවිතා කළ නොහැකි බවත් යුආංවලින් සිදුකළ හැක්කේ චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා මුදල් ගෙවීම පමණක් බවත් එනිසා අලුතින් ඩොලර් බිලියන 1.5 ක සංචිත ලැබුණේ කෙසේද? යන්න පැහැදිලි කළ යුතු බවත් මන්ත්‍රීවරයා පවසයි.එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වත්මන් රජය මුහුණ පා හිඳින ඩොලර් අර්බුදය තාවකාලිකව හෝ විසඳිය හැක්කේ ඩොලර්වලින් විදේශ සංචිත ඉහළ යන්නේ නම් පමණක් බවය.

කාලීන පුවත්