සංචාරක පැමිණීම ලක්ෂ 08 ඉක්මවයි

මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් ලක්ෂ 08කට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු දින සිට අප්‍රේල් 15 දක්වා කාලය තුළ සංචාරකයන් 809,595ක් දිවයිනට පැමිණ තිබෙන බවයි.

ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ තිබේ.එම සංඛ්‍යාව දැක්වෙන්නේ 167,095ක් ලෙසයි.එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවල්වලින් ද විශාල ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබේ.

මේ අතර අප්‍රේල් මස 01වනදා සිට 15වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 68,961ක් මෙරටට පැමිණ තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්