සමඟි ජන බලවේගය සහා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන්නේ පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවකි.ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබේ.මේ අතර දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසනයාක අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කොට ඇත.එසේම එම විවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත අදාළ ලිපියේ සඳහන් කර තිබේ.